Tel: (+94) 412237288
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Rohana M.V.

මාර/රෝහණ මහා විද්‍යාලය

MATARA Zone

  • Register
  • Login
Rohana M.V.

මාර/රෝහණ මහා විද්‍යාලය

MATARA Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් පැතිකඩ
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

දකුණු පළාතේ සොභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.

වර්ෂ 1941 දී මාතර පල්ලිමුල්ලේ සුවිසල් ගොඩනැගිල්ලක මෙම විද්‍යාලය ආරම්භ කරන ලද්දේ ය. මෙහි මුල්ම විදුහල්පතිවරයා ලෙස කටයුතු කලේ මහාචාර්ය එම්.බී.ආරියපාල මහත්මා ය.මාතර නගරයෙහි වූ විද්‍යාල අතරෙන් කැපී පෙනුනු මිශ්‍ර විද්‍යාලයක් බවට පත් වූ මෙය පසු කලෙක වඩා ඉඩකඩ ඇති භූමි භාගයක් ඇති මාතර නගරයට සැතපුම් දෙක හමාරකට පමණ ඔබ්බෙන් වූ මැද්දවත්තට ගෙන යන ලද්දේ ය.එහි කදු ගැටය මත වූ විදුහල්පති නිවාසයේ එක් කොටසක බාලාංශ පන්තිත්, එයට පහතින් වූ මහා මර්ගයට යාබද සම බිමෙහි වූ ගොඩනැගිලි වල පශ්චාද් ප්‍රාථමික පන්තිත් පවත්වා ගෙන යන ලද්දේ ය.පාසලෙන් සිංහල,ඉංග්‍රීසි භාෂා වලට අමතරව පාලි සහ සංස්කෘත භාෂා ඉගෙන ගැනීමට ලැබී ඇත.පාලි භාෂාව උගන්වන ලද්දේ අබේවික්‍රම මහතා ය.පාසල් පුස්තකාලය භාරව සිටියේ සමරසින්හ මහතා ය.

'දක්ෂිණ ලන්කා රුහුණේ දක්ෂිණ ලංකා රෝහණ මාතා සැරදේ' යි යන්න පැරණි පාසල් ගීයයි.ලංකාවේ විශ්ව විද්‍යාලයකට රෝහණ විද්‍යාලයෙන් මුල්ම වරට ශිෂ්‍යයෙකු ඇතුලත් වූයේ 1961 දී ය.

Richmond College

 

විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර විද්‍යා ගණිත අංශය, ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය, පුස්තකාලය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.

2011 වර්ෂයේ සිට ද්වි භාෂා පන්ති ආරම්භ කරමින් ගණිතය, පුරවැසි අධ්‍යාපනය, භූගෝලය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය 6,7,8 ශ්‍රේණි සදහා පවත්වාගෙන යාමට හැකි වීම විද්‍යාලය ලද විශිෂ්ඨ ජයග්‍රහණයකි. විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, රථ නියාමක කණ්ඩායම්, විවාද කණ්ඩායම, මාධ්‍ය ඒකකය, ප්‍රථමාධාර ඒකකය , ශිෂ්‍ය භට, බාලදක්ෂ, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.

මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 52ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 15කින් සමන්විතය.අටසිය අසූ අටක පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී."දැනුම,කුසලතා,ආකල්ප වලින් පිරිපුන උපන් දේශයට හිතැති දරු කැළක්  බිහි කිරීමෙහිලා දකුණු පළාතේ  ප්‍රමුඛතම පාසල බවට පත්වීම" යන  දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2022 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.

අසූ එක් වසරක ඉතිහාසයකට උරුමකම් කියන රෝහණ විදු මව නාගරික පාසලක් මෙන් සංවර්ධනය වී ඇත.රෝහණ විද්‍යාලය එදා මෙන් අද ද දක්ෂිණ ලංකාවේ දරු දැරියන්ගේ ඥාන පිපාසය සංසිදුවීමට මුළු ශක්තියෙන් ම උර දී සිටින්නී ය.

ආරම්භ කළ වර්ෂය

1941 නොවැම්බර් 02

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

07

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

48

මුල් ගුරුතුමාගේ නම

එම්.බී. ආරියපාල මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

රෝහණ මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

එම්.බී. ආරියපාල මහතා

පාසල රජයට පවරාගත් දිනය

1945 නොවැම්බර් 02

පාසල පැවැත්වූ ස්ථානය

මාතර පල්ලිමුල්ල ප්‍රදේශය

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1941 නොවැම්බර් 02 දින

 

 

 

{QF3=5}

Rohana M.V.

මාර/රෝහණ මහා විද්‍යාලය

MATARA Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • මාර/රෝහණ මහා විද්‍යාලය,මැද්දවත්ත,මාතර

: (+94)412237288

: (+94)412237288

: [email protected]

Supported By

© 2026 Rohana M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk