රෝහණ පුරවර පායන රිවි සද රෝහණ මහ විදුහල් මාතා..
පීදෙන සිප්කෙත සුරකින සිරිකත රෝහණ මහ විදුහල් මාතා..
පාදන විදුනැණ මිණිකැට මුතුඇට රෝහණ මහ විදුහල් මාතා...
නාමෙන වොරැදේ කප් සුවහස් කල් රෝහණ මහ විදුහල් මාතා..
නව ලොව දැනුමෙන් දියුණුව නන්වන
දින නෙත ඔබ වේ මොහදුර දුරලන
නැව මෙනි සිප් සයුරින් තෙර කරවන
මව මෙනි අප හැම අයුරින් රැක දෙන
රෝහණ පුරවර.....
මතු දින රට දැය සමයට අත දෙන
කිතුගොස නන්වා ලකඹර දිදුලන
මුතු ඇට වැනි දරු කැල බිහි කරවන
සිතුමිණ ඔබමය අප හද සනසන
රෝහණ පුරවර.....//