![]() |
![]() |
![]() |
වර්ෂ 1941 දී මාතර පල්ලිමුල්ලේ සුවිසල් ගොඩනැගිල්ලක මෙම විද්‍යාලය ආරම්භ කරන ලද්දේ ය. මෙහි මුල්ම විදුහල්පතිවරයා ලෙස කටයුතු කලේ මහාචාර්ය එම්.බී.ආරියපාල මහත්මා ය.මාතර නගරයෙහි වූ විද්‍යාල අතරෙන් කැපී පෙනුනු මිශ්‍ර විද්‍යාලයක් බවට පත් වූ මෙය පසු කලෙක වඩා ඉඩකඩ ඇති භූමි භාගයක් ඇති මාතර නගරයට සැතපුම් දෙක හමාරකට පමණ ඔබ්බෙන් වූ මැද්දවත්තට ගෙන යන ලද්දේ ය.එහි කදු ගැටය මත වූ විදුහල්පති නිවාසයේ එක් කොටසක බාලාංශ පන්තිත්, එයට පහතින් වූ මහා මර්ගයට යාබද සම බිමෙහි වූ ගොඩනැගිලි වල පශ්චාද් ප්‍රාථමික පන්තිත් පවත්වා ගෙන යන ලද්දේ ය.පාසලෙන් සිංහල,ඉංග්‍රීසි භාෂා වලට අමතරව පාලි සහ සංස්කෘත භාෂා ඉගෙන ගැනීමට ලැබී ඇත.පාලි භාෂාව උගන්වන ලද්දේ අබේවික්‍රම මහතා ය.පාසල් පුස්තකාලය භාරව සිටියේ සමරසින්හ මහතා ය.

